Monday, March 25, 2019

31. නත්තල් ගස



නත්තල් කාලෙට එලියට ඇවිදින්
නත්තල් ගස් ඇත හිනා වෙවී
අතුවල නෙක නෙක තෑගි එල්ලිලා
ඇත ළමයින් ගැන කතා වෙවී
ලස්සන දිලිසෙන මැණික් අලවලා
වට පිට හැමතැන දිස්නෙ දිදී
හැදු සුබ පැතුමයි මේ ඔබ දකින්නෙ
පොඩි  යාළුවො ටික යාලු වෙවී



 
කාට නැති වුනත් මගෙ සුදු අම්මට
හදලා දෙමි මම සුභ පැතුමක්
මං වෙනුවෙන් හැමදාමත් වෙහෙසෙන
ඇය මට හරි වටිනා මැණිකක්
නත්තල් සීයට ලියුමක් ලියලා
තෑගි ගෙන්වගෙන ලොකු මල්ලක්
අම්මට දීලා නත්තල දවසේ
සදා දෙමී ලස්සන දවසක්

එලියට ගොස් හිම බබා හදන්නට
හිම කෝ මිදුලට නෑ වැටිලා 
එනිසා ඒ හිම බබා හදමි මම
පාට පාට පෑනෙන් ඇන්දලා
කිරි පාටින් ඇග කලු පාටින් ඇස්
දිලිසෙන කොල තොප්පිය දමලා 
නැති වුනාට හිම, බබාගෙ ලස්සන
මුහුණෙහි ඇත සිනහා පිරිලා

© සිත්තර පැංචි
2021-12-25

No comments:

Post a Comment

අලුත් සිතුවම්

136. සූකිරි දත්