Wednesday, March 20, 2019

11. බෝට්ටුව සමනලයා සහ මොනරා


 


දුම් දාගෙන බෝට්ටුවක් නොවැ ඔය එන්නේ
වතුර විසික් කර වේගෙන් කොහෙටද යන්නේ
ගැස්සෙනකොට පෙරලේවිද බයත් හිතෙන්නේ  
කවුද මේක ඇතුලෙ ඉන්නෙ නෑනෙ පෙන්නේ

බෝට්ටුවක් එලවන්නට මං ලොකු වීලා
ආසයි මං හරිම කියා තාත්තට කීවා
බෝට්ටු මොකටද පෙරළෙන චුට්ටං ඒවා
නැවක් අරන් සවාරි යන් තාත්තා කීවා

© සිත්තර පැංචි
2018-03-26


බෝට්ටුවක් ඕනෑ නැහැ යන්න එගොඩ වෙලා 
ගඟට උඩින් යන්න ඇහැකි මටත් පියා සලා 
පෝෂණයෙන් වැඩි මල් පැණි බීලා ලොකු වෙලා 
යමි දවසක ගඟෙන් එහා තිබෙන උයන සොයා 

නෙලුම් පිපිල තිබුනොතින් යනවිට ගඟ මැදින් 
ඒ ලස්සන දැක මගෙ හිත නැවතෙනවා ඉතින් 
නෙලුම් මලේ පැණි බීලා සමුගන්නට එයින් 
දුකක් තියේ නෙලුම් මගේ ආසම මල බැවින්.


බෝට්ටු මල් මැද මොනවද මේ සමනල කතා 
මල් වත්තක් තරම් මමත් ලස්සන වෙමි ඉතා
කුරුළු ලොවේ වඩාම හැඩ ඇති මනරම් සතා 
නිසා මෙමට පුංචි ළමයි කතා කියයි ගොතා 

සිංදු කියන්නට බැරිමුත් මිහිරිව හඬ තබා 
නිතරම මම නම් සිටින්නෙ සතුටින් නට නටා 
එහෙම උනත් මං නටනා විටදි කොමල පපා 
ඉදිරිය මිස පිටුපස කිසිවෙක් බලන්න එපා !

© සිත්තර පැංචි 
2020-05-03 


No comments:

Post a Comment

අලුත් සිතුවම්

136. සූකිරි දත්