Monday, March 18, 2019

6. කොළ අලවා රූප හදා



දම් පාටට දිලිසි දිලිසි තියෙන්නෙ වම්බට්ට
මේක හදන්නට අයියෝ මං කෑ අලි කට්ට
පටන් ගත්ත වෙලේ ඉඳන් කෑලි සුළගෙ යන්ට
වෙලා වින්ද දුකක් ඒව බැරුව අහුල ගන්ට

ඔලොක්කුවට වගේ මගේ දිහා බලන් ඉන්නේ
හිනාව මදිවාට දිවත් එළියෙ දමා ගන්නේ
වැඩියෙ චන්ඩි උනොත් නෑනෙ මාත් අතාරින්නේ
අම්මට දී රෑට ඔයා රසට උයන් කන්නේ



අඹ නම් මං හරි ආසයි දුන්න ගමන් කනවා  
රසත් ගොඩයි ගුණත් ගොඩයි අපෙ දිව පිනවනවා 
යටින් වකුටු වී හැඩවී අඹ ලස්සන වෙනවා 
ඉන්දියාවෙ ජාතික පලතුර ලෙස සැලකෙනවා 

අඹ කොලයක් පොඩි කල විට නැගෙන මිහිරි සුවඳයි
අඹ මල් පිපුනාම ගහේ මුළු වත්තම සුවඳයි 
අඹ කොළයෙන් ලොව දකින්න ඉපදෙන සමනලයයි 
අඹගහ යට ඉඳගෙන පොත් බලන්න මං ආසයි.


© සිත්තර පැංචි - 2018-02-14


තට්ටු දෙකේ ගෙයක් හැදුවා චුට්ටන් කොළ අලවා 
වත්තත් ලස්සන කෙරුවා මල් පඳුරුත් සිටුවා 
ඇඳීම ඇලවීම දෙකම පිහිටාලා ඇතුවා 
සිත්තර පැංචිය දස්සයි ඉවසන හොඳ දරුවා 

අලවන්නට පුංචි පුංචි කෑලි කපා දුන්නා 
සමහර ඒවයේ ගම් ද යොදා අතට දුන්නා 
පැංචි රූපෙ හදන අතරෙ ලඟට වෙලා උන්නා 
අම්මාටත් ඒක නිසා ලකුණු පහක් දුන්නා.

© සිත්තර පැංචි - 2020-02-05


No comments:

Post a Comment

අලුත් සිතුවම්

136. සූකිරි දත්