Sunday, June 9, 2024

147. දත් දොස්තර


අනාගතේ දත් දොස්තර නෝන කෙනෙක් වෙලා 
පුංචි ළමයි ඔක්කෝගෙම කටවල් ඇර බලා 
ඇදවුණු දත්, කැරකුණු දත් හරියට සකසලා 
සැනසෙමි මං ඔවුනගෙ සුරතල් සිනහව බලා 

දැන් ඉඳලම ඒ වෙනුවෙන් හොඳට ඉගන ගමී 
ටොපි චොකලට් වෙනුවට රස ගුණ පලතුරු කමී 
දත් රැකගන්නේ කොහොමද සැමට කියාදෙමී 
මගෙ ඇද දත් දෙක දිනෙකදි මමම හදාගමි.

© සිත්තර පැංචි 
2024-06-02


1 comment:

  1. ඒ වෙනකොට කටේ දත් ඉතිරිව තිබුනොත් මමත් එමි.

    ReplyDelete

අලුත් සිතුවම්

148. සොයුරු පෙම