Wednesday, March 20, 2019

10. රස කැවිලි




කොකිස් තමා මගෙ ආසම කැවිල්ල රසම
කරස් කරස් කියා හැපේ සද්දෙට බොහොම
අවුරුද්දයි උපන්දිනෙයි එයි එයි ළඟම
ලැබෙයි කැවිලි ගොඩාරියක් එතකොට මටම

අපොයි කෙසෙල් නම් කන්නට බෑ හරි ඈක්කා
කටේ සෙවෙල වගේ ඇලෙයි එනවා ඕක්කා
හොරෙන්ම මං විසි කරනව ළඟට කාක්කා
අම්මා අහකට යනකං ඉඳල හී හී ක්‍කා (ඕ යේස්.)

© සිත්තර පැංචි
2018 -03-13



No comments:

Post a Comment

අලුත් සිතුවම්

136. සූකිරි දත්