Wednesday, March 20, 2019

8. බූවල්ලා සහ කෝච්චිය


නිල් පාටින් කොළ අලවල හදාපු බූ වල්ලා
බලා ඉන්නවා මා දෙස විසල් දෑස් දල්වා
මොනව කරන්නද මං ළඟ නෑ කන බොන එව්වා
ඕනෑම නම් දෙන්න ඇහැකි අම්මාගෙන් ඉල්ලා


ඇයි පැටියෝ දුකෙන් වගේ තනියෙන් මේ මොකද
හොරා වගේ ආවෙ මෙහෙට හොරෙන් පැනලනේද
රස බිස්කට් කන්න ඔයා හරි ආසයි නේද
කාල පරිස්සමින් යන්න අම්ම ලඟට හා ද

© සිත්තර පැංචි - 2018-02-21



කඳුගැට නැග නැග පල්ලම් බැස බැස
සද්දෙන් හොස හොස කොච්චි එනවා

කොළඹට එනකොට ආපසු යනකොට
පිඹගෙන හූ හඬ කොච්චි එනවා

රට කජු රඹුටන් අරගෙන නාරං
කෝච්චියෙන් දැන් තාත්තා එනවා

© සිත්තර පැංචි -- 2018-02-28

No comments:

Post a Comment

අලුත් සිතුවම්

136. සූකිරි දත්