Thursday, March 21, 2019

16. ‍පාරේ එළි



දකුණ බලා වම බලන්න  -නැවතත් දකුණම බලන්න
පාරේ වාහන නැත්නම් - ඉක්මනින්ම මාරු වෙන්න

ඒ ඉස්සර කරපු විදිය - අම්මලාගේ පොඩි කාලේ
දැන්නම් ඇත ට්‍රැෆික් ලයිට් - පාර කියන්නට පාරේ

රතු ආවම නවතිනවා - කහ ආවම සැරසෙනවා
කොළ ආවම පරිස්සමින් - නැවත ගමන් අරඹනවා

සමහරවිට හරි ලේසියි - වෙලාව එහි දිස් වෙනවා
පාරේ සිදුවන අනතුරු - එවිට ගොඩක් අඩුවෙනවා

තරහ ගිහින් එක පාරට - කළු ගෑවත් උඩ හරියේ
ට්‍රැෆික් ලයිට් වල තත්වය - සුරැකී ඇත මැද හරියේ


© සිත්තර පැංචි
2018-03-30

No comments:

Post a Comment

අලුත් සිතුවම්

136. සූකිරි දත්