Wednesday, March 20, 2019

9. කැරට්




අන්න අතන ඈයා
ඈත යනවා ඈයා
ඈයා කැරට් කැවා
රස නෑ - සැර නෑ
ඈක් ඈක් ගෑවා...

කොලයක් අර ගත්තා
චුටි කෑලි ඉරුවා
කැරට් අලේ හැදුවා
සරලයි - නියමයි
වාව් වාව් කීවා

© සිත්තර පැංචි -2018-02-21

කැරට් කැරට් අල දෙකයි 
හාවො ඉන්නේ එක්කෙනයි 
දෙකම එක වගේ හොඳයි 
කන්නෙ කෝක දැයි සිතයි 

හෝ ...දහය කිව්වා 
එකක් තෝර ගත්තා 
හනික හනික කෑවා 
රසයි රසයි  කිව්වා.


දුරදක්නෙන් හඳ බැලුවම 
ආවාටත් පෙනෙනවා  
හා පැංචිට එය දුටුවම 
හොඳටම බය හිතෙනවා 

උණු උණුවෙන් සුප් බිව්වම 
ඔය බය මග ඇරෙනවා 
බඩ පිරුණම දෙන්න එක්ක 
ආපහු හඳ බලනවා.


හම්ප්ටි ඩම්ප්ටි වගේ මොකද 
තාප්පෙ උඩ නැග
හාවො දෙන්න බලනවාද 
පහළ පෙනෙන හැඩ 

පොඩ්ඩක් එහෙ මෙහේ උනොත් 
බිම වැටෙන්න ඉඩ 
තියෙන බවත් හිතේ තියන් 
කල යුතු වේ වැඩ.

© සිත්තර පැංචි 
2020-01-05.

No comments:

Post a Comment

අලුත් සිතුවම්

136. සූකිරි දත්