Tuesday, March 12, 2019

2. මල් පඳුර



පඳුරක් ඇති බබෙක් ඇඳපු කොළ කොළ පිරිලා
අත්තක් ගානේ එහි ඇත රතු මල් පිපිලා
බලියක් වගෙ ඇඟ පුරාම සායම් ඉහිලා
නඩුවක් වෙයි කහට ගවුමෙ නොගියොත් මැකිලා

ගෙවී ගිහින්දින සති පොඩි අත ලොකු වෙනවා
පුංචි අතින් අඳින ගසුත් උසට වැඩෙනවා 
කෙරුම්කාරියට පොඩි කාලේ සිහිවෙනවා  
අනේ මංද මේවා ඇන්දෙ කියා හිතෙනවා 


© සිත්තර පැංචි - 2018-01-18



කාලය ගත වී ඇය දෙක වසරට එනවා 
ලැවැන්ඩර්ස් බ්ලූ ඩිලි ඩිලි කවිය කියනවා 
දිය සායම් අරගෙන මල් ඉතිද අඳිනවා
පරිස්සමින් පාට අරන් පාට කරනවා 

පුංචි කාලෙ ඇඳපු පඳුර දැන් හැඩ වැටිලා
ගොඩාරියක් මලුත් පිපිල බිමටත් නැවිලා 
සායම් බිඳු දෙකක් තුනක් ගවුමේ ඉහිලා
කමක් නැහැයි කියාවි ඉර මාමා එබිලා.

© සිත්තර පැංචි - 2022 -02-01  

No comments:

Post a Comment

අලුත් සිතුවම්

3. පලතුරු ගස