Thursday, March 21, 2019

17. හිකි බක බක



හිකි බක බක හිකි බක බක - කවුද බොලේ හිනාවෙන්නෙ
අපොයි මහත තඩි ගෙම්බෙක් - නොවේද මේ ඇවිත් ඉන්නෙ

කලකට පසු වැහැපු වැස්ස - පොඩි මඩ වලවල් පිරිලා
ඒ සතුටට ගෙම්බො සිටිති - සතුටින් උඩ පැන පැන නටලා

ගෙම්බා ලඟට පනින කොටම - බබා අම්ම ලඟට පනී
ආසාවයි බයයි දෙකම - කලවම් වී එකට හිටී

පනින අනිත් අය දැක්කම - මෙයත් යන්න යයි පැනලා
ගලක් බරට තියා තියමු - මෙයාව පොතකින් වහලා

© සිත්තර පැංචි  - 2018-03-31



No comments:

Post a Comment

අලුත් සිතුවම්

136. සූකිරි දත්