Thursday, March 14, 2019

4. අම්මයි මමයි


පුංචි මමයි අම්මෙ ඔබේ සත්තලන් පුතා
තොත්තු දෙමී ලඟට ඇවිත් කිව්වොතින් කතා
රෝස මලයි පිච්ච මලයි ලස්සනයි ඉතා
ඊට වඩා බෝම හැඩයි මගේ කිරි පුතා

© සිත්තර පැංචි -2018 -01-23



බෝලයක් අරන් ගසමි මම උඩ
කකුල් කරකවා දමමි වැඩ කිඩ
පැත්තකින් ඉඳන් අල්ලගෙන බඩ
සැවොම සිනාසෙයි බලා මගේ හැඩ

© සිත්තර පැංචි - 2018 -01-23



අම්මගේ වටේ සමනලුන් ගොඩයි
සාරියේ ඇගේ පාට උන් බලයි
මල් පිපී උදේ සුවද විහිදුවයි
උදෑසන අපේ හරිම ලස්සනයි 

දේදුනු පාටින් ගවුම අදිනවා
කොන්ඩ කරලකුත් උඩින් බදිනවා
හැඩදැයි කණ්ණාඩියෙන් බලනවා
වත්තෙ ටිකක් ඇවිදලා බලනවා

පින්න දිලිසෙන මුතු මැනික් වගේ
සුලගෙ වැනෙන මල් නටනවා වගේ
කුරුලු පොඩිත්තෝ නාද දෙන රගේ
සතුට ලබන්නට උදය හරි අගේ.
 
© සිත්තර පැංචි - 2021-06-30



No comments:

Post a Comment

අලුත් සිතුවම්

136. සූකිරි දත්