Thursday, April 11, 2019

33. දෙහි සහ සරුංගලේ


දෙහි බෑයක් උඩින් ගහල හොඳ ගානට කූල් වෙච්ච
ලයිම් ජූස් එකක් බොන්න මට හරි ආසයි
ලස්සන උස වීදුරුවක එකක්ම පිරිලා වාගේ
තියෙද්දි ලස්සන දකින්න මට හරි ආසයි
බටෙන් ඇදල කටට ගද්දි දිවට දැනෙන ඒ ගතියෙන්
මූනම හිරිවට්ටගන්න මට හරි ආසයි
මගේ දිහා බලා ඉන්න අම්මට හරි හිනා එන්න
එක එක ඇක්ෂන් දාන්න මට හරි ආසයි.



සරුංගලේ සරුංගලේ කොයිබද යන්නේ
සුළං සැරේ හිමින් සැරේ උඩට නගින්නේ

බට සොයලා පතුරු කපා එකට තියාලා
බැමි බැඳලා ලාටු උලා කොළ අලවාලා
රැලි කපලා එල්ලාලා හැඩ වැඩ දාලා
හැදුව ඔයා උඩට ගියා මා මෙහි දාලා

සරුංගලේ සරුංගලේ කොයිබද යන්නේ
සුළං සැරේ හිමින් සැරේ උඩට නගින්නේ

උඩින් ඉඳන් පාවි පාවි පහල බලන්න
හැකිය එවිට මට ඔයාට අතක් වනන්න
දුකයි තමයි ටිකක් එපා එගැන හිතන්න
ඔයා කැමති නම් විතරක් ආයෙත් එන්න

සරුංගලේ සරුංගලේ කොයිබද යන්නේ
සුළං සැරේ හිමින් සැරේ උඩට නගින්නේ

© සිත්තර පැංචි 
 


No comments:

Post a Comment

අලුත් සිතුවම්

136. සූකිරි දත්