Thursday, March 21, 2019

14. පුංචි පැංචි සහ යා කිරීම


උදෑසනින් මොටෝ රියක් පදවාගෙන රතූ 
ජනේලයෙන් වටපිටාවෙ බලන සොඳුරු තතූ 
කවුරුද මේ පුංචි පැංචි හරි ලස්සන සුදූ 
පාර දිහා හැරී බලනවා ගස්වල අතූ 

වලාකුලෙන් එබී එදෙස බලනා ඉර මාමා 
ලොකු ගස් දෙක මැදින් පේනවද මදහස පානා 
පොඩ්ඩක් අත ඉස්සුවොතින් ඔහොමම ඉඳ නෝනා 
කඩාගන්න හැකි පලතුරු ඉදී රතට පේනා.

© සිත්තර පැංචි
2019-11-08 



A අකුරෙන් පටන් අරන් - Z අකුරටම යනකන්
A B C D කියන්න - මට දැන් පුළුවන්

අකුරු වලින් පටන් ගන්න - වචන මොනවාදැයි හොයන්න
ඒව ටක්කෙටම කියන්න - මට දැන් පුළුවන්

අකුරුවලට ගලපගන්න - පින්තුරය හොයා ගන්න
ඊට පස්සෙ යා කරන්න - මට දැන් පුළුවන්

© සිත්තර පැංචි
2018-03-30

No comments:

Post a Comment

අලුත් සිතුවම්

136. සූකිරි දත්