Monday, March 25, 2019

26. හැඩ











තිකෝණ සහ සමචතුරශ්‍ර
වෘත්ත සමග සෘජුකෝණාශ්‍ර
ලොකු පොඩි හැඩයෙන් එකතු කළා මං
හදන්න මේ ගොල්ලෝ 

එක එක විදියට හැඩ කපලා
උඩ යට ගැලපෙන්නට තියලා
ලස්සන ලස්සන රූප හදා හැඩ
බලන්න හැකි නොවෙදෝ 

පලවෙනි රූපය මම හැදුවේ 
මොන්ටිසෝරි මං යන කාලේ 
අනික්වා හැදුවෙ මම එක වසරෙදි
ඉතා හැඩයි නොවෙදෝ.

© සිත්තර පැංචි 

No comments:

Post a Comment

අලුත් සිතුවම්

136. සූකිරි දත්