Monday, March 25, 2019

25. අයිස් ක්‍රීම්, ජෙලි සහ චෙරි


අයිස් ක්‍රීම් අයිස් ක්‍රීම් චොක්ලට් අයිස් ක්‍රීම්
අයිස් ක්‍රීම් අයිස් ක්‍රීම් ස්ට්‍රෝබෙරි අයිස් ක්‍රීම්
අයිස් ක්‍රීම් අයිස් ක්‍රීම් රේන් බෝ අයිස් ක්‍රීම්
කන්නට මං ආසයි

අයිස් ක්‍රීම් අයිස් ක්‍රීම් සීතල අයිස් ක්‍රීම්
අයිස් ක්‍රීම් අයිස් ක්‍රීම් ලස්සන අයිස් ක්‍රීම්
අයිස් ක්‍රීම් අයිස් ක්‍රීම් රසවත් අයිස් ක්‍රීම්
මගෙ ප්‍රියතම කෑමයි


ඇස පිනවන්නට - පාට බලන්නට
ජෙලි හොඳ කෑමක් වේ
දිව පිනවන්නට - රසය විඳින්නට
ජෙලි හොඳ කෑමක් වේ.


චෙරි ගෙඩියක් කඩන් කන්න මේ චෙරි පොකුරෙන්
එනවා මට ආසාවක් බඩේම පතුලෙන්
නම නොදන්න මේ වාගෙම ගෙඩි ඇති යහමින්
ගහක් තිබේ මගෙ ගෙදරත් ලොකුවට වැනෙමින්

චෙරි උයනක කතා පොතක ලස්සන මතක
කතාවකින් කියා දුන්නා අම්මා විටෙක
ලොකු උනාම කියවන්නට ඒවා පොතක
බලා ඉන්නවා එනතුරු දවසක් දිනෙක

© සිත්තර පැංචි
2018-04-02

No comments:

Post a Comment

අලුත් සිතුවම්

136. සූකිරි දත්