Thursday, March 21, 2019

15. මල් සහ කාසි මල්



පිපෙන මල් වලින් අහන්න - ඇයිද කියා පිපෙන්නේ
හමන මදනලෙන් අහන්න - ඇයිද කියා හමන්නේ

පුංචි බබාලට බලන්න තමයිලු මල් පිපෙන්නේ
පුංචි අය ලඟින් එතෙන්න තමයි සුළං හමන්නේ

පෝච්චියට ලස්සන මල් නෙළා ගෙනැත් තියෙන්නේ
දවස තිස්සෙ ගේ පුරාම මිහිරි සුවඳ බෙදන්නේ

සැරින් සැරේ බබා අපේ ඒ පැත්තට දුවන්නේ
මල සුවඳට සමනළයෙක් ඇවිල්ලදැයි බලන්නේ

© සිත්තර පැංචි  - 2018-03-30





 


No comments:

Post a Comment

අලුත් සිතුවම්

136. සූකිරි දත්