Monday, March 18, 2019

5. යාලු බබාලා


ඇඟිල්ලකට සායම් ගෙන තදින් ඔබාලා
අද කාලෙට ඔබින කදිම කොන්ඩ දමාලා
හැදුව හොඳට හිනාවෙන්න කැකිරි පලාලා
මේ ඉන්නේ මගේ හොඳම යාලු බබාලා

ඇන්දේ දෙව්ලින්දී - 2018-02-10







බාඩනාමු කාටූන් එක හරිම ලස්සනයි
දැනුම සමග විනෝදයත් අපිට බෙදාදෙයි
ඒකෙ යාළුවන් හට මම හරිම මනාපයි 
හැමදාමත් එය බලන්න මං හරි ආසයි 

ඒ විදියට සිංදු කියල හොඳට නටන්න
බාඩ නැන්දා ඇන්දා වගේ චිත්‍ර අඳින්න 
කැමති කැමති පාට දාල පාට කරන්න 
මෙන්න මගේ චිත්‍ර ඉතින් හොඳද කියන්න.

© සිත්තර පැංචි - 2022-07-01 


No comments:

Post a Comment

අලුත් සිතුවම්

136. සූකිරි දත්