Thursday, March 21, 2019

12. ඉර මාමා


ඉර මාමා පැමිණෙනවා එළිය දිදී හිනැහෙනවා
පුංචි පැංචි අමතනවා නිදි යහනින් පුබුදනවා
පැංචි එවිට නැගිටිනවා අලුත් දවස ඇරඹෙනවා
අද හරි ලස්සන දවසක් පැංචි හිමින් මුමුණනවා

අපිට එළිය ගෙනාවාට ස්තුතියි ඉර මාමේ
අලුත් දවස ගෙනාවාට ස්තුතියි ඉර මාමේ!

© සිත්තර පැංචි
2018-03-28


මෙච්චර ලස්සනට හැඩට රවුමට හිටියට 
ඉර කියලයි අපි කියන්නෙ හරි පුදුමයි මට 
අඩිරූලෙන් ඇද වෙන්නැති ඉරක් අඳින්නට 
හැකි උනාට රවුම් අඳින්නට බෑ තව මට 

විටමින් D අරන් ඔයා උදේම එනකොට 
නැගිටල මම එළියට යමි එය අරගන්නට
නගින විටයි බහින විටයි අහස පුරාවට 
ඔයා ගාන පාට ටිකක් දෙන්න හැකිද මට.


පාට නොවෙයි මගෙ නම් මුළු ලොවම චීස් තමා 
චීස් ඇතොත් මට නම් ඇති වෙන මොකවත් එපා 
මගේ සතුට රස කරමින් මෙය කන එක පා 
නැතිව යන්නෙ පූස් රාළ ආවෝතින් තමා.

© සිත්තර පැංචි 
2023-01-28 


No comments:

Post a Comment

අලුත් සිතුවම්

136. සූකිරි දත්