Monday, March 25, 2019

32. තාරා සහ කුකුල් පැටියා


මගෙ පොඩි තාරා - පී පී ගෑවා
හොට රතු පාටයි - ඇඟ කහ පාටයි
අර අර පේනා - සීතල වතුරේ
අත්තටු සලමින් - පීන පීන නෑවා


බබා වගේමයි - චුට්ටං පැංචා
අතට වඩාගෙන - බලන්න ආසා
හිස අතගාලා - හොට අතගාලා
ඇටේ ඇටේ බත් - කවන්න ආසා


හිමිදිරි උදයේ - පිනි විසිරෙනවා
තොප්පි නොදැම්මොත් - ඔලුව තෙමෙනවා
කෑම සොයාගෙන - හයියෙන් හයියෙන්
කුකුල් පැටියා - මේ කැලේට යනවා

කොහේ ගියත් හරි - හැඩට ඇඳන් මිස
පොඩි අය එළියට - යන්න එන්නෙ නෑ
අම්මලාට නම් - විටෙකදී ඇණයක්
ඒත් කරන්නට - දෙයක් ඇත්තෙ නෑ

© සිත්තර පැංචි 

No comments:

Post a Comment

අලුත් සිතුවම්

136. සූකිරි දත්