Monday, March 18, 2019

7. පත්තෑයා


පත්තෑයෙක් පාට පාට ඇඟක් තියෙනවා
හිනාවෙලා ඉන්න විදිය ආස හිතෙනවා
ඉස්සි ඉස්සි බිත්ති දිගේ උඩට නගිනවා
බිම වැටේද වෙලාවකට බයත් හිතෙනවා

දවසක් මං මෙයින් එකෙක් ඇත්තට දැකලා
දිව්වා නොවැ පුටුත් පෙරලගෙන හූ තියලා
අනේ මෙයා පැටියෙක් මේ බලන්න කියලා
කොස්සෙන් අම්මා එලියට දැම්මනෙ ඇදලා

© සිත්තර පැංචි - 2018-02-19 

No comments:

Post a Comment

අලුත් සිතුවම්

136. සූකිරි දත්