Monday, March 25, 2019

29. මලක් තියෙනවා




මලක් තියෙනවා - මල්ලී එනවා
නටුවෙන් කඩලා - මල මට දෙනවා
ඒ මල මම මගෙ - කොන්ඩේ ගහනවා
මකුළු හාමි අර - මට හිනැහෙනවා

මයන්න හරියට - මලක් වගේමයි
ලියන්න ලේසියි  - හරි ආසයි මං
මයන්න ලියලා - මලකුත් ඇඳලා
ලොකුම ලොකු වැඩක් - ඉවරයි දැන් මං 

නැට්ටෙන් පහලට - එල්ලෙන පෙති ටික 
රෝස පාට දිග - සායක් ඇඳලා 
නුවරඑළියෙ යන - පාරේ දිගටම 
ඔය වැනි මල් මං - යායක් දැක්කා.

© සිත්තර පැංචි 



No comments:

Post a Comment

අලුත් සිතුවම්

136. සූකිරි දත්