Monday, March 25, 2019

28. වැස්ස




වැස්ස වහිනවා - අහසින් වතුර වැටෙනවා
වැටෙන වතුර අල්ලනකොට ආස හිතෙනවා

ඔලුව හෙමනවා - හෙම්බි එවිට හැදෙනවා
දරුණු උනොත් කොත්තමල්ලි බොන්න ලැබෙනවා

කුඩේ ගන්නවා - එක ඉහල ගන්නවා
ඔලුව බේරාගන්න කුඩේ බොහොම වටිනවා

මිදුලේ දුවනවා - යාලු බව්වත් එනවා
දෙන්න එක්ක වැස්සෙන් ෆන් එකක් ගන්නවා

© සිත්තර පැංචි 

No comments:

Post a Comment

අලුත් සිතුවම්

136. සූකිරි දත්