Monday, March 25, 2019

24. මල් වත්ත





රන් වන පාටයි සමනළයා
රෝස මලේ පැණි බීල ගියා
ආයෙත් ඒවිද ඒ සමනළයා
මල්වල පැණි බොන්ටා

පුංචි මගේ මේ මල් වත්තේ
ලස්සන ලස්සන මල් ඇත්තේ
මල් පැණි බීලා ඉගිළී යනවද
ලස්සන සමනලයෝ

මී මැස්සා අවේ නැද්ද
මී මැස්සට මල් පැණි නැද්ද
ඕනෑ නම් හනිකට එනවාදෝ
මේ පැත්තට පියඹා

කුරුළු පොඩිත්තා අන්න ඇවිත්
අත්තටු සල සල ඉන්නෙ බලන්
මල් පැණි දෙන්නම් එන්න ඔයාටත්
මගෙ මේ මල් වත්තෙන්.

© සිත්තර පැංචි 

No comments:

Post a Comment

අලුත් සිතුවම්

136. සූකිරි දත්