Thursday, March 7, 2019

1. රෝස මල



රෝස මලේ - නටුවේ කටු
වන බඹරෝ - ඔහොම හිටු
නටුව නොවේ - මල සිඹිමී
මම ළමයෝ - පැණි උරමී

පැණි බීලා - ඉවර වෙලා
මටත් දියන් - ගෙනවිල්ලා
යන්නට හැකි - දවල් වෙලා
හනික වරෙන් - පියාඹලා

රෝස මලේ - රේණු සැලේ
වන බඹරා - මොකද කලේ
මල නොතලා - පැණි බීලා
ඉනු බඹරෝ - සැනසීලා


© සිත්තර පැංචි
2018-01-08


රෝස මලින් පිරිලා තිබූ 
මල් උයනකි දෙඇස පිනූ 
මල් අතරේ මලක් බදූ 
මෙය ඇන්දේ බබෙකි සූදු 

මල් දැකලා වශී වෙලා 
මල් වත්තෙම නතර වෙලා 
ඉන්නෙමි මම ගෙන්දර නොයා 
කියනා සමනලයා එයා 

නුවරඑළිය හරි සීතයි 
මල් දැක්කම හරි ලෝබයි 
පාට පාට සුවඳ ගොඩයි 
දාල එන්න හිතට දුකයි 



ස්ටෝබෙරි වත්ත මැදින් 
ඇවිදින විට පුදුම වෙමින් 
අතු ඉති මත දිලෙන සුදෙන්
මල් තිබුණා සුවඳ දෙමින් 

පොඩි ගෙඩි ලා රෝස පැහෑ 
තාම හොඳට ඉදිලා නැහෑ 
සුවඳ ඉවස ගන්න බැහෑ 
දුටු පමණින් පිනයි ඇහෑ

ආසම පලතුර මාගේ 
ආසාවෙන් කනවානේ 
ස්ට්‍රෝබෙරි රස වාගේ 
රසක් ලොවේ නැතුවානේ.


© සිත්තර පැංචි 
2022 -10- 08

No comments:

Post a Comment

අලුත් සිතුවම්

136. සූකිරි දත්