Wednesday, April 24, 2019

47. තාත්තයි මමයි



කොන්ඩෙ උස්සලා පතොක් කටු වගේ
ෂෝට් එකක් කොට ඇඳන් හිතුමතේ
විහිලු හිනාවක් මවන් මුහුණතේ
තාත්ත නිවාඩු ගෙදර අද ඇතේ

කොහෙ හිටියත් මම නම් හැඩකාරී
ඒ වගෙමයි ආඩම්බර කාරී
තාත්තට වැඩ පවරන බලධාරී
යනඑක බොරු අද මාගෙන් බේරී

දන්නා මායම් සියල්ල දක්වමි
ආදරෙ කරමින් බෙල්ලේ එල්ලෙමි
ගන්නෙමි අද වැඩ ගොඩක්ම ගන්නෙමි
පසුගිය ඇරියස් ඔක්කොම අල්ලමි

© සිත්තර පැංචි 



3 comments:

  1. හරිම ලස්සනයි. දුවගේ චිත්‍රයයි අම්මගේ කවියයි දෙකම.

    ReplyDelete

අලුත් සිතුවම්

136. සූකිරි දත්