Friday, January 27, 2023

136. සූකිරි දත්


ඩයිනොගෙ කිරි දත් වැටිලා අතු කඩන්න බෑ 
ඉතුරු දෙකත් හෙලවෙයි අද හෙටද දන්නෙ නෑ 
හයියට ඇති කිසිම දෙයක් දැන් හපන්න බෑ 
අලුත් දතක් කොයි දවසේ එයිද දන්නෙ නෑ 

සූකිරි දත් දොස්තර මේ සිද්ධිය දැක්කා 
ඩයිනොට දත් සායනේට එන්නට කිව්වා 
බබෙක් දීපු ලොකුම දතක් එළියට ගත්තා 
පරිස්සමින් එය ඩයිනොගෙ කටේ ඇලෙව්වා 

ලොකු දත් දෙක ලඟින් තියෙන බබාගෙ දත කිරී  
පුංචි උනත් ගොඩාරියක් ඊට කමක් නැතී  
පුංචි දතෙන් මොනවාහරි හපා කන්න හැකී 
සූකිරි දත් ප්ර‍තිකාරය අකුරට ඇත කෙරී. 

© සිත්තර පැංචි 
2023-01-28 

3 comments:

  1. ඉතා සතුටින් දන්වන වග නම්; මේ දිනවල බ්ලොග් හමුවක් පිළිබඳ කතිකාවතක් ඇතිවී ඇත. දැනට යෝජනා වී ඇති අකාරයට බොහෝ විට එය අප්‍රේල් මාසයේදී යෙදෙනු ඇත! මේ පිළිබඳව ඔබගේ සහභාගීත්වය, ස්ථානය, දිනය හා ආකෘථිය පිළිබඳව මෙහි ලියා හෝ අපගේ ලිපිනයට දන්වන්නේ නම් මැනවි. මෙයට සමගාමීව බොහෝ පැරණි බ්ලොග් ලියන්නන් නැවත ලිවීම අරඹා ඇති බව දන්වන්නේ සතුටිනි.
    අපගේ සින්ඩියේ පලකොට ඇට්zහි පෝස්ටුවක වැඩි විස්තර දැක්වේ. පිවිස කියවන්න!

    ReplyDelete

අලුත් සිතුවම්

136. සූකිරි දත්