Friday, January 6, 2023

122. ගිරා ළමයි

 



  




















       අම්මගෙ පෙත්තයි පැංචිගෙ පෙත්තයි 
උදෙන්ම ඇහැඇරිලා
මල් අත්තේ ඉඳ ගේ දෙස බල බල
බත් ඇට ඉල්ලනවා  
උදේට යුද්දේ හැමෝම වැඩ වැඩ 
හරියට බිසී වෙනවා
චූටි පුතාලට බත් අරගෙන අර 
පැංචි හනික එනවා

චූටි පුතේ බත් කෑවා කෑවා 
මුළු වැකියම කියවනවා
පැංචි එක්කලා ගිරා ළමයි හරි 
හරියට දොඩවනවා
සීනු ආවොතින් කුරුමානම ගෙන 
දඩයම හරියනවා
වැඩ වරදින්නට කලියෙන් හනි 
හනිකට අපි බත් කනවා

යාළුවො යාළුවො වටේම යාළුවො 
කුරුළු සද්ද පිරිලා
සතුට අරන් හැම උදේම එනවා 
මිතුරු අයව සොයලා
කරුණාබර පොඩි හිත උතුරාගෙන 
ආදරයක් දැනිලා
යන්නෙත් එන්නෙත් දැන් උඩ පැන පැන 
පැංචිගෙ හිත පිරිලා!

© සිත්තර පැංචි 

No comments:

Post a Comment

අලුත් සිතුවම්

136. සූකිරි දත්