Tuesday, January 10, 2023

130. අමුතු රේණුව




මොකක්ද මේ මල ඇතුලේ අමුතු රේණුව 
එහෙට මෙහෙට කැරකි කැරකි නටන සීරුව  
ගුමු ගුමු ගුමු මල ඇතුලෙන් වැයෙන සීනුව 
හරිම අමුත්තකි සෙලවෙන පොඩි පිහාටුව 

මී මැස්සා පැණි ගන්නට මලට රිංගලා 
වලිගෙ එලියෙ මුහුණ ඇතුලෙ කෙමියෙ හිරවෙලා 
සිහියක් නෑ මල් මී වල රසෙහි කිමිදිලා 
මල් පැණි හැර සියලුම දෙය මතක නැති වෙලා 

පැණි බිව්වා බඩ පිරුණා එළියට යනු කෙසේ 
තවත් මහත් වෙලා නොවෙද නිකමට මෙන් සිතේ 
සමනලයගෙ සරදම් සිනහව ළඟ ළඟ ඇසේ 
වෑයම් කර ලිස්සා යනු මල නොරිදෙන ලෙසේ 


© සිත්තර පැංචි 


No comments:

Post a Comment

අලුත් සිතුවම්

136. සූකිරි දත්