පූසිට සෙල්ලම් කරන්න බෝනික්කා ඕනෙලූ
ලස්සන මල කඩා ගත්තෙ බෝනික්කට දෙන්නලූ
නූල් බෝලෙ පටලැවිලා ලිහාගන්න බෑමලූ
සෙල්ලම් මීයත් කැඩිලා යයි කියන්නෙ ඇත්තලූ
සීරෙන්නේ නැති වෙන්නට නියපොතු ටික හංගලා
මුහුණ සෝදලා උදේම ඇඟත් හොඳට නාවලා
ආස හිතෙන්නට වලිගේ රිබන් එකක් පළදලා
බෝනික්කා බාරගන්න ඉන්නෙ පූසි මග බලා
පූසි ට දී බෝනික්කා හරියට පැය දෙකකට
සිංදු කියනවාලු පැංචි කුරුල්ලෝ හා තරගෙට
බෙදා හදා ගන්නා එක මිතුරු අගය සිහි කොට
හොඳ සිරිතකි ඉතාම හොඳ පාර කියන සතුටට.
© සිත්තර පැංචි
No comments:
Post a Comment