Tuesday, January 10, 2023

129. හිත හොඳ අය

 

පයින් ඇවිදලා ගියෝතින් වෙලාව ගත වෙයි 
ඉස්කෝලේ යන්නට මට තව පරක්කු වෙයි 
එකම පාරෙ පාත්ත අයියත් ගමනක් යයි 
පිටට නැග්ගොතින් හනිකට යන්නට හැකි වෙයි 

පාත්ත අයියේ නැවතී මේක අහන්න 
හැකිද මාත් අයියගෙ පිට උඩ ගෙනයන්න 
දවල් වෙන්න කලියෙන් ඉස්කෝලෙට යන්න 
පුලුවන්නම් අයියේ මට උදව් කරන්න 

පාත්ත අයියා නැවතී පොඩ්ඩක් හිතුවා 
කොහොමත් යන ගමන නොවෙද වෙනසක් නැතුවා 
ගොළුබෙලි පැංචා ඉල්ලපු උදව්ව කෙරුවා 
පිට උඩ නග්ගන් ඉස්කෝලෙට ඇරලෙව්වා 

දෙන්නගේම වැඩ කෙරුණා වෙලාව ඉතුරුයි 
උදව් කරලා උදව් ලබලා හිතටත් සතුටුයි 
දැන හඳුනා ගත් දෙදෙනා දැන් ගජ මිතුරුයි 
හිත හොඳ අය ඉන්නා තැන සැමදා සොඳුරුයි

© සිත්තර පැංචි.


1 comment:

අලුත් සිතුවම්

136. සූකිරි දත්