 පූස් හාමිනේ ගහ උඩ අව්ව තපිනවා
පූස් හාමිනේ ගහ උඩ අව්ව තපිනවා කොඩිය වගේ නැට්ට උඩට හැරිලා තියෙනවා
පූස් නැට්ට ගහේ අත්ත යැයි රැවටෙනවා
කුරුළු බබා ඒ මත ඉඳ සින්දු කියනවා
කන ලඟින්ම ඉමිහිරි තාලයකි ඇහෙන්නේ 
හරිම ලස්සනයි පූසිගෙ ඇස් පියවෙන්නේ 
කුරුළු බබා රසට මිහිරි ගීත ගයන්නේ
පූස් නැට්ටෙ ඉඳගෙන බව පූසි නොදන්නේ
කුරුළු බබා රසට මිහිරි ගීත ගයන්නේ
පූස් නැට්ටෙ ඉඳගෙන බව පූසි නොදන්නේ
අමුතු දෙයක් යම්කිසි වලිගයට දැනෙනවා
බාගෙට ඇස් ඇරපු පූසි හැරිල බලනවා
කුරුළු බබා වලිගය උඩ සිංදු කියනවා
දැකපු පූසිගේ මුහුණට සිනා නැගෙනවා
කවමදාකවත් මෙය නම් වුණේ නැති දෙයක්
නිකන් තියෙන වලිගෙට අද ලැබිල නොවැ වැඩක්
අනේ හොඳයි මටත් එයින් හම්බ වෙයි පිනක්
එහෙම හිතල සතුටු වුණා පූසි මහ ගොඩක් !
© සිත්තර පැංචි.
 
No comments:
Post a Comment