Monday, January 9, 2023

127. උසයි උසයි


උසයි උසයි හරිම උසයි 
දැන් නම් මම ගොඩක් උසයි 
තව පොඩ්ඩක් ඉස්සී මල - බලන්න ඕනෑ 

අනිත් කුරුල්ලෝ ඉගිලෙයි 
මට බෑ මම තවම පොඩියි 
උස වෙන්නට ඉනි මගකට - නගින්න ඕනෑ 

අම්ම තාත්තගෙ පිට උඩ 
මම අම්මාගේ පිට උඩ 
මෙහෙම හොඳද ඔයාලගෙන් - අහන්න ඕනෑ 

බර වැඩිවී තාත්තාට 
අපිව බිමට ඇද වැටේද 
වැඩිය වෙලා නොගෙන බිමට - බහින්න ඕනෑ 

ඉගිල්ලෙන්න හැකි වෙන්නට 
ලොකු වෙන්නට ඉක්මනින්ම 
ගුණදායක කෑම නිතර - ගිලින්න ඕනෑ  

කුරුළු පැටියා එහෙම කියයි 
අමමා තාත්තා හිනැහෙයි
පොඩ්ඩො ඉතින් හුරතලේට - සිටින්න ඕනෑ.

© සිත්තර පැංචි.


No comments:

Post a Comment

අලුත් සිතුවම්

136. සූකිරි දත්