
මූදු අශ්වයෙක් වීලත් ඇයි ඔතරම් කුඩා
මාළු බබා හරි ප්‍රශ්නෙක ඉන්නේ හිරවෙලා
මූදු අශ්ව අයියේ විසඳල දෙනවද ඔයා
හුඟක් දෙනා එහෙම හිතන් ඉන්නා බැව් සැබැයි
ඒත් මගේ නම තරමට සැසදෙනවා නොවෙයි
අශ්ව කියල තිබුනට නම ඇත්තෙන් මං පොඩියි
තරම මගේ අරගත් විට හාල්මැස්සා වගෙයි
මාළු බබා එය අසලා පුදුමෙට පත් වුණා
කාරණාව දත් අයියා ඔහුට හිනා වුණා
ඒත් මොකද නොදත් දෙයක් දැනගත හැකි වුණා
මූදු අශ්ව අයියා ඉතා හොඳ මිතුරෙකු වුණා.
© සිත්තර පැංචි
No comments:
Post a Comment