Tuesday, January 10, 2023

128. දොයිය දොයිය දොයි

 

ගෙනත් දෙන්නකෝ අම්මේ මටත් කොට්ටයක් 
හැදිලා තියෙන්නේ මට දැන් ලොකුම නිදිමතක් 
හිටගෙන නිදියද්දි මෙහෙම නැහැනෙ නිදහසක් 
පුළුන් කොට්ටෙකින් ඔළුවට එයි සනීපයක් 

අම්මා කොට්ටයක් ගෙනාවා ඒක උස මදී 
තවත් කොට්ටයක් ගෙනාව ඒත් උස මදී 
තුන්වෙනි කොට්ටෙත් ගෙනාවා තුනත් උස මදී 
බෙල්ල දිගයි නොවැ පුතාගෙ කොට්ට තව මදී 

අම්මා ගිහින් තවත් කොට්ට දෙකක් ගෙනාවයි 
ඔක්කොම දැන් කොට්ට ගණන පහට සමානයි 
ඔළුව තියාගත් විට එහි හරිම සනීපයි 
හිනා වෙවී පැංචා අපේ දොයිය දොයිය දොයි.

© සිත්තර පැංචි 


1 comment:

අලුත් සිතුවම්

136. සූකිරි දත්