Friday, January 6, 2023

121. සුට්ටන් සූටික්කි

අගර දඟර එහෙට මෙහෙට කැරකිලා ඇතී
පුදුම හිතෙන දිගට වැවුන මල් වැලක් ඇතී
රෝස පාට මල් ඒ මත පිබිදිලා ඇතී
දැකුම වුවද නෙතට සිතට සුවය ගෙන දෙතී
 
රේණු සලා සුවඳ හලාසුලන්ගෙ නැළවෙන
සමනල පැණි කුරුල්ලන්ට රසඳුනක් වෙන
දිගැටී පුංචි හොට මානා මලට ලංවෙන
සුට්ටන් සූටික්කි බබෙකි රොනට සැරසෙන
 
පිහාටු ලස්සන අත්දෙක දේදුනු පාටයි
කැරලි කොන්ඩෙ හිස කැරකුණ සුරතල් පාටයි
මල් අතරේ මලක් වගේ හරි හැඩකාරයි
සුට්ටන් සූටිකි බබාට බඩගිනි පාටයි
 
ලස්සන ලස්සන සිත්තර දවසෙම අඳිනා
අම්මාටත් තිතට චිත්‍ර උපදෙස් ලැබෙනා
ගෙදර කලා සංගමයේ මුලසුන දරනා
අපේ පුංචි සිත්තර පැංචිය හරි හපනා.



 
© සිත්තර පැංචි.

No comments:

Post a Comment

අලුත් සිතුවම්

136. සූකිරි දත්