Monday, January 23, 2023

133. රෝස මලීගේ නුවණ

 

ඇපල් ගහේ මහ විසාල ඇපල් පිරී තිබේ
ගොළුබෙලි චුට්ටා එතැනින් දුර ගමනක යෙදේ
ඉදුණු ඇපල් වැටුණොත් මගෙ කටුව කැඩී බිඳේ
ගමන යන්නෙ කොහොමද දැන් එයාට බය හිතේ 

පොළොව යටින් කුඹි ගියපු ලොකු උමගක් ඇත 
මෙහෙන් ඇතුළු වී අරහෙන් පිටවෙන්නට හැක 
හනික යන්න එතුලට බිය වෙන්න දෙයක් නැත 
රෝස මලී ගෙන් අවවාදයක් ලැබී ඇත

ගොළුබෙලි චුට්ටා හෙමිහිට උමගට ගොඩ වුණා 
කටුව බිඳේ යයි සිතතුළ වූ බිය දුරු වුණා
හෙමින් හෙමින් ගහට යටින් ගොස් ඉන් පිටවුණා 
කටුව තාම යහතින් බව දැක සිත සැනසුණා 

හැමපැත්තම හොඳට හිතල බලල පුංචි මොළෙන්
සිහි කැදවා යොදා නුවණ තැනට සුදුසු ලෙසින්
තවත් කෙනෙකු හට පිහිටක් විය හැකිවුණ බැවින් 
රෝස මලී හරි සතුටින් සිටී සිනා සෙමින්.  

© සිත්තර පැංචි
2023-01-23




1 comment:

  1. කූඹි ගියපු ලොකු උමඟක්
    ගොලු බෙල්ලට ඇතිද ඉඩක්?

    ReplyDelete

අලුත් සිතුවම්

136. සූකිරි දත්