Saturday, January 14, 2023

131. මල් වත්ත


 

මම පැන්සල් උල් කළා 
කැපෙන වාටි රැස් කළා 
ඒවායින් මල් වත්තේ
ලස්සන මල් සුපිපුනා 

පොත් අස්සේ බල බලා 
වේලුනු කොළ ගෙන සොයා 
කොළ අලවා මල් වත්තට 
පඳුරු පඳුරු එක් කළා 

කුරුළු පැන්චො පියඹලා 
මල් පෙති උඩ නැවතිලා 
මම අලවපු පිහාටු හරි  
ලස්සන යැයි කියනවා.

© සිත්තර පැංචි.

No comments:

Post a Comment

අලුත් සිතුවම්

136. සූකිරි දත්