Tuesday, January 24, 2023

135. කුඹි ගෙදර

 



ගුරුතුමියට සනීප නෑ වැස්සට තෙමිලා 
ඒක නිසා වේලසනින් පාසල ඇරිලා 
කුඹි ළමයි ගෙදර එද්දි  පේලිය හැදිලා 
කුඹි අම්මා කොහෙද ගිහින් ගෙයි දොර වහලා 

මොකද ඉතින් දැන් කරන්නෙ හරි පුරස්නේකි 
දොර අරින්න විදියක් නෑ එතැන යුද්දෙකී
ඒ මදිවට බඩගිනි වී බඩෙත් ගින්නකී
උදව් කරන්නට ආවේ කුරුළු පැංචෙකී

ජෑම් ගහෙන් ඉදුණු ජෑම් ගෙඩියක් කඩලා 
කුරුළු පැංචා කුඹි ලගින් ගෙනැල්ල තිබ්බා 
චුට්ට චුට්ට කෑලි එයින් ගෙන රස කරලා 
කෑමෙන් පසු ගියා බඩේ ගින්දර නිවිලා 

අම්මා එනකන් දැන්නම් හැකිය සිටින්න 
බඩගිනි නිවුණා එනිසා හැකි ඉවසන්න 
හැකි සැමවිට කොයි කාටත් උදව් කරන්න 
කුරුළු පැංචාගෙන් ආදර්ශය අර ගන්න. 

© සිත්තර පැංචි
2021-01-25 


2 comments:

අලුත් සිතුවම්

136. සූකිරි දත්