Sunday, January 8, 2023

126. අලි ආදරේ



චූටි මල්ලි හරිම බයයි ඉන්න කළුවරේ 
අයියෙ මාව අල්ලගන්න කියා කරදරේ 
කිව්ව ගමන් මල්ලි තුරුළු කරන් පපුතුරේ
මල්ලිලාට අයියලානෙ හුඟක් ආදරේ 

හඳමාමත් අද පුංචියි තරුත් දෙක තුනයි 
තව කළුවර වැඩි වෙනකොට අයියටත් බයයි 
තුරුළු වෙන්න මටත් කෙනෙක් හිටිය නම් හොඳයි 
චූටි මල්ලි තුරුළු කරන් අයිය දුර සිතයි 

ඒත් එක්කලම සුපුරුදු සුවඳ පැමිණුනා 
ලෝබ හිතෙන උණුසුම සියොලඟම පැතිරුණා 
අම්ම තුරුල්ලට දෙදෙනම හනික ගුළි වුණා 
ආදරේට අලි, කළුවර රැයම පැරදුණා.

© සිත්තර පැංචි.

1 comment:

අලුත් සිතුවම්

136. සූකිරි දත්