Tuesday, November 10, 2020

84. වටිනම නහය

















වැලක් වගේ දිගයි නහය  අපේ වගේ නෙමෙයි
යාළුවො ටික හිනා වුනා අලි පැංචට දුකයි 

යන්න හිතෙන්නෑ සෙල්ලම් කරනවත් අද
ඇත්තෙන් මේ නහය මොකද මගෙ විතරක් දිග ?

අලි පැංචා කල්පනාවෙ වෙලාව ගත වුනා
අව්වෙ නටල යාළුවො දාඩිය හලන්න වුනා 

පවන් ගසයි කටින් පිඹියි කට්ටිය හති දමයි
හරිම රස්නෙ වැස්සක් වත් වැස්සොතින් හොඳයි 

අලි පැංචා හනික පහල ගලන දොලට ගිහින්
පුරවා හොඩවැලට සීත වතුර ආව අරන්
 
ඔසවාගෙන හොඩවැල අහසට කොම්බුව වගේ
යාළුවන්ට පොඩි වැස්සක් වැස්සුවෙ හරි අගේ 

උදේ කරපු විහිළු මතක් වෙද්දි සැමට දුකයි
වැඩිම වටින නහය ඇත්තෙ අලි පැංචට තමයි

වෙනස්ය හැඩරුව කවුරුත් එක වාගෙම නොවෙයි
හැමෝම එනමුත් වටිනව දන්නව හොඳ ළමයි.

© සිත්තර පැංචි 
2020-11-10 


No comments:

Post a Comment

අලුත් සිතුවම්

136. සූකිරි දත්