Tuesday, November 10, 2020

79. පිණි බිඳුවේ කතාව



නෙලුම් විලේ මල් පිපිලා - බොහොම අගෙයි අද
අම්මා එක්ක මම ඉවුරේ - බලා ඉඳිමි හැඩ

උදේ වැටුණු පිනි වැස්සෙන් - නෙලුම් කොලේ උඩ
මැණික් වගේ දිලිසි දිලිසි - ඉන්නව පිනිකැට

හරිම ලස්සනයි අම්මේ - දැක්කද අර පිණි
මැණික් වගේමයි පේන්නෙ - මාවත් රැවටුනි 

දිලිසි දිලිසි හිටියට පිණි - නෙලුම් කොලේ උඩ
මොනවා වෙයිද බලමුකො අපි - වැටුනම වතුරට 

කියනකොටම අන්න එකක් - පහලට වැටුණා
දිලිසෙන් නෑ නොපෙනී ගොස් - වතුරේ ගිලුණා

හරි පුදුමයි නේද අම්මෙ - ඒක දකිනකොට
කොහොමද ඒ වගේ වෙන්නෙ - නෑ තේරුනෙ මට 

පිනි බිංදුව නෙලුම් කොලේ - උඩ ඉඳ දිලිසෙයි
වතුරට වැටුනොත් මොහොතින් - එය නොපෙනී යයි 

දිලිසෙනවා දියවෙනවා - තෝරා ගත්මගේ
අපිත් ඉතින් වෙනසක් නෑ - පිණි බින්දුව වගේ

අපිට සුදුසු තැන කොතනද - සිතා බලා මතු
හරිම කල්පනාවෙන් අපි - තෝරා ගත යුතු

© සිත්තර පැංචි 


No comments:

Post a Comment

අලුත් සිතුවම්

136. සූකිරි දත්