Tuesday, November 10, 2020

83. සූකිරිට පාඩමක්

 
















අඹ වෙනුවට ගස්ලබු දී සූකිරි අද තරහ වෙලා
හිනා කතා නෑ මොනවත් ඉන්නේ අයිනකට වෙලා

වෙච්චි දේට මටත් දුකයි පැටියෝ අද අඹ ඉවරයි
කන්න දෙන්න ඔයාට ළඟ තියෙන්නෙ ගස්ලබු විතරයි 

කාට උනත් ඔහොම තමයි මාත් ඔයා වගෙයි ටිකක්
ආස දෙයක් නොලැබුනාම දුක දැනෙනව හිතට හුඟක් 

ඕන උනත් මට බරිකිත් ඉඳිආප්ප අද ලැබුනේ
ආස නැතත් අම්ම පවුනෙ එනිසයි ඔක්කොම කෑවේ

තාත්ත මට අරන් දීපු සිංදු කියන බෝනික්කා
ආස වුනත් ගොඩාරියක් නංගි අඬනකොට දුන්නා

නැති දේවල් ගැන හිත හිත කරදර වෙන එක නරකයි
ලැබෙන දෙයින් සතුටු වීම එය හොඳ ළමයගෙ සිරිතයි 

ගස්ලබු කමු නේද අදට මගෙ සූකිරියෝ එහෙනම්
රස අඹයක් කඩෙන් ගෙනත් ඔයාට හෙට මම දෙන්නම්! 

© සිත්තර පැංචි 
2022-12-05 


No comments:

Post a Comment

අලුත් සිතුවම්

136. සූකිරි දත්