Tuesday, November 10, 2020

85. බකමූණු නින්ද



















කජු ගහ මුදුනේ බකමූනෙක් නිදි
හ්ම් හ්ම් නෑ හරි නිශ්ශබ්දයි
කිචි බිචි කිචි බිචි ගාලගෝට්ටිය
පුංචි කුරුල්ලන් හරි සද්දයි 

ගහට උඩින් ලොකු හුළඟක් හැමුවා
කජු පුහුලන් අත්තෙන් මිදුනා
නිදි බකමූනගෙ ඔලුව උඩට ඉන්
ලොකුම එකක් සද්දෙට වැටුනා

ඒත් වගක් නෑ එයා තාම නිදි
කිචි කිචි බිචි බිචි හරිම හිනයි
දැක්කද අර අර කම්මැලියෙක් නිදි
කුරුළු කතාබහ එතැන ගොඩයි 

මොකද වදේ මේ නිදාගන්න නෑ
නවත්තගන්නයි ඔය සද්දේ
ඇහැරී සද්දෙට බකමූණා සැර
දමා සැවොම එලවා ගත්තේ

රෑන පිටින් ගොස් කුරුළු සීයා වෙත
වෙච්ච හදිය සීයට කිව්වා
සීයා සිනාසී පුංචි කතාවක්
කියා ඊට උත්තර දුන්නා

පුතේ අපිවගේ නොවෙයි එයාලා
කෑම සොයා යන්නේ රෑට
මහන්සි හින්දයි දවල් නිදන්නේ
හිනා වෙන්න හොඳ නෑ ඊට 

වට පිටාවෙ අපි ජීවත් වෙනකොට
මේ වගෙ දේවල් හමුවෙනවා
හෙමින් සැරේ පරිසරය අපේ අපි
තේරුම් අරගත යුතු වෙනවා. 

© සිත්තර පැංචි 



1 comment:

අලුත් සිතුවම්

136. සූකිරි දත්