Tuesday, November 10, 2020

78. කණාමැදිරි පැංචා



පොඩි එළියක් පිටේ බැඳන් - කණාමැදිරියෙක් ඇවිදින
දැකල අහසෙ හඳ මාමට - හරිම හිනාවයි

ඕකත් එළියක්ද පැංචො - බැබලෙන මේ මං ඉඳිද්දි
මට නම් අද දවසෙ දැක්ක - ලොකුම විහිළුවයි 

ඔයත් එක්ක බැලුවම මම - ගොඩක් පුංචි බව ඇත්තයි
ඒ උනාට හඳ මාමේ - මේක අහන්නයි

හැමදාමත් රවුම් වෙලා - ඔයා එන්නෙ නෑ අහසට
සමහර දවසට බැලුවම - කට්ට කළුවරයි 

හිටියත් නැති උනත් ඔයා - ගහට කොළට එළිය දෙන්න
පුංචි උනත් මම නම් හැම - දාම එනවමයි

ලොකු ලොකු වැඩ බැරි උනාට - පුංචි මටත් හැකි අයුරින්
කාට නමුත් පිහිට වීම - මගේ යුතුකමයි.

© සිත්තර පැංචි 


No comments:

Post a Comment

අලුත් සිතුවම්

136. සූකිරි දත්