Tuesday, November 10, 2020

80. යාළුවෝ



පාන්දරින් අවදි වෙලා කපුටු කාක් කාක් කියා
තටු පීරලා හොට මැදගෙන ආව ඔන්න මං 

උදේ පිපුණු මලක් වගේ ආසයි දැක්කම හරියට
පුංචි පැංචි ඔතන මොකද කනවද ඔය බත්

පියඹලා ඇවිත් දුරක් මටත් බඩගිනියි දැන් නම්
පින් සිදුවෙයි බත් ගුලියක් මටත් දෙනව නම්

කළුම කලුයි අඟුරු වගෙයි ලස්සන නෑ ඔයා කැතයි
ඒ හින්දා බෑ දෙන්නට ඔයාට මගෙ බත්

අර පැණිබොන සමනලයා දැක්කද මල උඩ ඉන්නා
දෙන්නේ බත් ඒ වාගේ අයට තමයි මං

හා හා හා පැංචි බබෝ එපා ඔහොම නපුරු වෙන්න
කළු උනාට එයත් අපේ යාලු කුරුල්ලෙක් 

සමනලයෙක් වෙන්න කලින් මාත් කැතම කැත පණුවෙක්
අහක බලන් යන්නට යයි බබා දැක්ක නම්

කපුටු හාමි සමාවෙන්න බත් ගුලියක් මගෙන් කන්න
සමනලයෝ ඒ කියමන හිතට ගත්ත මං

ලස්සන කැත නොවේ ඇඟේ යාලුකමයි ඕන හිතේ
ලස්සන එතකොටයි ලෝකෙ පැංචි දනී දැන්

© සිත්තර පැංචි 


No comments:

Post a Comment

අලුත් සිතුවම්

136. සූකිරි දත්