Tuesday, November 10, 2020

81. සමනලයා



ගස උඩ මල් මල් පිපිලා
ගස යට මල් මල් වැටිලා

සමනලයෙක් එහි ආවා
වට පිට හැඩ වැඩ බැලුවා 

කොහෙද කොහෙද මල් තියෙන්නෙ
පැණි බොන්නයි මං හොයන්නෙ

ගස එතකොට හිනා වුනා
සමනලයට කතා කළා
 
මගෙ ළඟ මල් ගොඩක් ඇතී
පැණි බොන්නට ඔබට හැකී

සමනලයා පැණි බිව්වා
රසයි රසයි පැණි කිව්වා 

මට මල් දුන්නට ඔයාට
බොහොම ස්තුතියි කිව්වා.
.
© සිත්තර පැංචි 
2019-09-07


No comments:

Post a Comment

අලුත් සිතුවම්

136. සූකිරි දත්