Friday, April 26, 2019

50. කියන්න කැඩපත


කැඩපත කැඩපත මා හට ඇත්ත කියනවද 
කවුරුද මේ තුන් ලෝකයෙ වැඩියෙම ලස්සන?
පිළිතුර දැන දැන ආයෙත් මොකට අහනවද
උත්තමාවියනි ඔබ නොවැ ඒ ලස්සන ළඳ 

රාජ උදහසට ලක් වෙන්නට බැරි හින්දා
අවුලෙන් එනමුත් කැඩපත උත්තර දුන්නා
එසැණින් කට කන් දෙකේම වැදුනද මන්දා
පුංචි උත්තමාවිය සතුටින් උඩ පැන්නා

© සිත්තර පැංචි 
2019-04-26 


No comments:

Post a Comment

අලුත් සිතුවම්

136. සූකිරි දත්