Wednesday, April 17, 2019

45. මේ හොඳ ලස්සන බෝනික්කා



මේ හොඳ ලස්සන බෝනික්කා - නත්තල් සීයා මට දුන්නා
හමුබුන දවසේ ඉඳලම එයාට - මං හරියට ආසයි
ලස්සන කොන්ඩේ තඹ පාට - රෝස ත් මැද හරියට ආව
බැඳලා තියෙන්නෙ පැත්තට කරලා - මූණට නොවැටෙන්න

මූණට ගැලපෙන්නට මේකප් - දාන්න පුළුවනි මට කෝමත්
සුරංගනාවක් වාගේ එතකොට එයා පෙනෙනවානේ 
හයි නෙක් ගවුමක් අන්දවලා - සපත්තු මේසුත් දම්මවලා
ලෑස්ති කර ඉන්නේ අවුරුද්දට - එක්කන් යන ගමේ 

පරණවුරුද්දට නාගන්න - නොනගතයේ පන්සල් යන්න
සාදුට කියලා පිරිත් නුලකුත් හැකි බන්දව ගන්න  
නැකතට ලිපගිනි මොලවන්න - නැකතට කිරිබත් ගුලි කන්න
නැකතට පුළුවන් වැඩ අල්ලන්නත් එයාට දැකගන්න

බුලත් හුරුල්ලක් හෙම දීලා - ආච්චිට සීයට වන්දවලා
ගනුදෙනු කරලා මේ අවුරුද්දම - හැකි සරු කර ගන්න
අපේ යාළුකම වැඩි කරලා - හිතින් හිතට තදටම බැඳිලා
බෝනික්කත් එක්කල එකටම මට - හැකි වේවා ඉන්න

© සිත්තර පැංචි 

2 comments:

  1. මාතෘකාව දැක්කම මම පොඩි කාලෙ අහපු සිංදුවක් මතක් උනා

    ReplyDelete
    Replies
    1. ඒ සිංදුව මතක් කරගෙන තමයි මේක ලිව්වෙත්. ස්තුතියි ඩ්‍රැකී කමෙන්ට් එකට.

      Delete

අලුත් සිතුවම්

136. සූකිරි දත්