Wednesday, April 17, 2019

40. දේදුන්න


දේදුන්නට බර නෑ වැඩි - නැග යමු අපි දේදුන්නේ
සමනළයෝ එන්න යන්න - රවුමක් අපි ආකාසේ

පුළුන් වගේ පැසෙන සුදු වලා කැරලි පහු කරලා
ගිහින් බලමු සුරන්ගනාවියො හමු වේවිද කියලා

රෑට ඇවිත් හිනැහෙන්නේ - දවල්ට යලි හැංගෙන්නේ
හැංගිමුත්ත තරු ඔක්කොම - අද අතටම අහු වෙන්නේ

© සිත්තර පැංචි 
 

No comments:

Post a Comment

අලුත් සිතුවම්

136. සූකිරි දත්