Wednesday, April 17, 2019

42. මල් පෝච්චිය


ආසයි මම පෝච්චිවල මල් හිටවන්න
ලේසියි නොවැ එතකොට මට වතුර දාන්න
හැදී පිපෙන විදිය ඇහැකි හොඳට බලන්න
ඕන  නැහැනෙ මල් කඩන්න වත්තට යන්න

මුළු මල් ගහටම තියෙන්නෙ එකමෙක කොලයයි
කොහොමද අනෙ ඒකවුනේ කවුරුත් විමසයි
අරුමයක්ද ඕක ඉතින් මට නම් සරලයි
නැට්ටෙත් අර තියෙන්නෙ එක මලක් විතරමයි.

© සිත්තර පැංචි 
2019-03-08 



© සිත්තර පැංචි 
2023-01-20  

No comments:

Post a Comment

අලුත් සිතුවම්

136. සූකිරි දත්